Acute wounds usually occur due to accidents like
1. Sharp weapon injury
2. Blunt weapon injury
3. Motor vehicle injury
4 Fall from heights
5. Ballistic injury
6. Burn injury
හදිසි අනතුරුවලින් අපගේ සිරුරේ මතුපිට සම හා ඊට යටින් ඇති මෘදු පටක වලට හානි සිදුවිය හැක. මෙබඳු තුවාල තියුණු ආයුධ වලින් කැපීමෙන්, තියුණු නොවන ආයුධ වලින් තැලීමෙන්, වාහන අනතුරුවලින්, යුද අවි වලින් සහ උසකින් වැටීම් වලින් සිදුවිය හැකිය.
These acute soft tissue injuries could bring about several types of soft tissue injuries;
1. Incised wounds
2. Lacerations
3. Abrasions
4.Degloving injuries
These acute soft tissue injuries would require individualized and specialized care to prevent complications like scaring and loss of function. When these injuries occur aesthtically important parts like face and usually uncovered areas of the body, scarring need to be minimized. Therefore it is very important to seek the advice of a plastic surgeon at initial stages.
හදිසි අනතුරු වලින් සම හා ඊට යටින් ඇති මෘදු පටක කොටස් වලට සිදුවන තුවාල නිසා අවලක්ෂණ කැලැල් මෙන්ම ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් පවා ඇතිවිය හැක. විශේෂයෙන්ම මුහුණේ මෙන්ම පිටතට නිරාවරණය වන සිරුරේ කොටස් වෙල ඇතිවන මෙබඳු තුවාල සඳහා සුවිශේෂී ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ. මේ සඳහා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව මින් කටයුතු කිරීම වඩා යෝග්‍ය වේ.

1. Incised wounds – Thes wounds need delicate suturing with appropriate size suture material. Although wound suturing can be done by anybody precise and appropriate technique matter in preventing scaring and proper healing. Plastic surgoens are experts in suturing the incised wounds using loups and resulting scars would be inconspicous.
තියුණු කැපීමකින් සිදුවන තුවාල සුව වීමේදී ඇතිවන කැලැල් අවම කරගැනීමට නම් එය සඳහා උචිත වන ප්‍රමාණයේ මැහුම් සියුම් ආකාරයෙන් දැමිය යුතුයි. මෙහිදී ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් විශාලක උපැස් භාවිතා කරනු ලබයි . එමගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන. මෙහිදී ඇතිවන කැලැල් බොහෝවිට කාලයත් සමග නොපෙනී යයි.
2. Lacerations – These wounds need careful removal of the crushed wound edges before suturing. This is ideally done using magnifying glasses during the surgical procedure. This technique would reduce the wound infection rate and scarring.
දියුණු නොවන ආයුධයකින් සමේ සිදුවන තුවාල සඳහා වඩා සුදුසු වන්නේ මුලින්ම තුවාල වල තැලී ඇති අග්‍ර කොටස් සියුම් ලෙස කපා ඉවත් කිරීමයි. ඉන්පසු එම තුවාල වලට සියුම් ලෙස මැහුම් යෙදීම සිදු සිදුකල හැක. මෙමගින් මෙම තුවාල නිසා ඇතිවිය හැකියි කැලැල් තත්ත්වයන් අවම කරගත හැක.
3. Abrasions – These are usually superfial wounds and there is loss of the superficial part of the skin. However these wound are highly contaminated and vulnerable to hypertrophied scarring once they are healed. It could be prevented by scrubbing of the wound at initial presentation. The wounds should be managed like superficial burn wound thereafter.
අපගේ සම යම් මතුපිටක් මත ඇතිල්ලී යාමෙන් සිදුවන මෙම තුවාල බොහෝවිට ඉතා අපිරිසිදු තත්ත්වයේ පවතී. එබැවින් එම තුවාල ආසාදනය වී තුවාල කැලැල් ඇතිවීම වැළැක්වීම සඳහා බොහෝවිට මෙම තුවාල නිර්වින්දන තත්ත්වයක් යටතේ බුරුසුවක ආධාරයෙන් පිරිසුදු තත්වයට පත්කර ගත යුතු වේ. ඉන්පසු මතුපිටින් සිදුවන පිලිස්සුම් තුවාලයක් මෙන් ඉතා සැලකිලිමත්ව ප්‍රතිකාර කළ යුතු වේ.
4. Degloving injuries – There is loss of full thickness of the skin and variable thickness of soft tissue in these injuries. These wounds need early intervention by a plastic surgeon. Sometimes these wounds can be managed by a skin graft. In some situation they need soft tissue flap reconstruction to prevent futher damage to exposed vital structures due to degloving of the soft tissue.
මෙම තුවාල අපගේ සම හා ඊට යටින් ඇති මෘදු පටක කොටස් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ගැලවී යාමෙන් ඇතිවේ. මෙම තුවාල සඳහා මුල් අවස්ථාවේ සිටම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් වේ. බොහෝවිට මෙම තුවාල සඳහා සම බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකිරීමට සිදුවේ. ඇතැම්විට ඇතිවන තුවාල වලදී ශරීරයේ අභ්‍යන්තර පටක කොටස් මෙන්ම අස්ථි නිරාවරණය වීම සිදුවිය හැක. එවිට මෘදු පටක කොටස් බද්ධ කිරීමේ සංකීර්ණ ප්ලාස්ටික් සැත්කමක් සිදු කිරීම මගින් ඇතිවිය හැකියි සංකූලතා මග හරවා ගත හැක.