Meet your plastic surgeon to sort of the hand problems for the best treatment. Plastic surgeons are the hand surgery experts.
අතට සිදුවන අනතුරු සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ප්ලාස්ටික් සැත්කම් වෛද්‍යවරයෙකු හමුවන්න.
මිනිස් සිරුරේ අතට ඉතා සුවිශේෂී තැනක් හිමි වේ. අතට සිදුවන අනතුරු, අතේ ඇතිවන ආසාදන තත්වයන් නිසා තාවකාලිකව හෝ සදාකාලිකව ක්‍රියාකාරීත්වය ආබාධිත විය හැක.
මෙය යථා තත්ත්වයට පත් කිරීමට ඇතැම් විට ප්ලාස්ටික් සැත්කමක් කිරීමට සිදු වේ. එසේම අතේ පටක කොටස් වල ඇති සියුම් බව නිසාම අතට සිදුවන අනතුරු සඳහා කලයුතු සැත්කම් ඉතා සියුම් මෙන්ම සූක්ෂමව කල යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකාව තුල විශේෂඥතාවය ඇත්තේ ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍යවරුන්ට බව බොහෝ දෙනා නොදනිති.
අනතුරකින් අහිමිවන අතේ ක්‍රියාකාරීත්වය නැවත යථා තත්ත්වයට පත් කිරීමට නම් ඔබට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු කරා යොමු වීම ඉතා වැදගත් බව කිව යුතුය.
1. Finger & Forearm Tendon repair
අනතුරකින් අතේ කන්ඩරා කැඩී ගිය විට ඒවා නැවත සැකසීමේ සැත්කම්.
2. Hand & Finger Fracture Surgery
අතේ හා ඇඟිලි වල අස්ථි බිඳී ගිය විට ඒවා සූක්ෂම ලෙස නැවත සැකසීම.
3. Upper Limb Nerve Reconstruction
අත ආශ්රිත ස්නායු කැඩී ගිය විට හෝ කොටසක් ඉවත් වූ විට නැවත සැකසීම.
4. Hand Joint replacement Surgery
අතේ ඇඟිලි වල සන්ධි ආශ්‍රිතව ඇතිවන ආබාධිත තත්ත්වයන් නැවත සැකසීම. සන්ධි නැවත ප්‍රතිස්ථාපනය කිරීම.
5. Boutonniere deformity/ Mallet Finger deformity/ Swan Neck deformity.
අතේ ඇඟිලිවලට ඇතිවන විකෘතිතා නැවත සැකසීම.
6. Depuytren’s Contracture
This is a chronic palmer fascial contracture. Usually this occur over 5-10 years. It may need surgery when it is distubing the function of the hand.
The Palmer contracture bands are closely associated with nerves going to the fingers. Therefore it is very important that a meticulous surgical procedure is done to remove these palmer contravutre bands without damaging the nerves of fingers( Digital Nerves).
මෙහිදී සිදුවන්නේ අත්ලේ ඇති සම ක්‍රමයෙන් ඝන වීම හේතුවෙන් ඇඟිලි දිග හැරීමට ඇති හැකියාව ක්‍රමයෙන් අඩුවීමයි. මෙය ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියකි. ඇතැම් විට අවුරුදු 5-10 කට ආසන්න කාලයක් තිස්සේ මෙය සිදු වී අතේ ක්‍රියාකාරීත්වයට බාධාවක් ඇතිවන මට්ටමට පැමිණිය හැක.
මෙම Depuytren’s Contracture සඳහා කෙරෙන සැත්කමක් මඟින් එසේ සමේ ඝන වීමට ලක්වන කොටස සූක්ෂම ලෙස ඉවත් කෙරේ. ඇඟිලි වල විහිදෙන ස්නායු වලට හානියක් නොවන පරිදි සහ නැවත සම ඝන වීම වැලකෙන පරිදි ප්ලාස්ටික් සැත්කමක් මේ සඳහා කල යුතු වෙනවා.