Plastic Surgery is for Sculpting or Reconstructing what nature has given or chance has taken away.
In simple words, it is a surgical speciality to reconstruct the Birth defects and Trauma defects, mainly involving soft tissue.
ප්ලාස්ටික් සැත්කමක් යනු අපගේ ශරීරයේ යම් කොටසක් උපතින් හෝ රෝගී තත්වයකින් හෝ අනතුරකින් ඇතිවන විකෘතිභාවයකින් නැවත සැකසීමේ සැත්කමකි.
මෙහිදී පටක නැවත බද්ධ කිරීම සහ ඒවායේ ක්‍රියාකාරිත්වය නැවත යථා තත්වයට පත්කිරීම සිදු කෙරේ.
උදාහරණ:
උපතේදී ඇතිවන විදුලිත තොල් / තල්ල (Cleft Plank Lips) නැවත සකස් කිරීම.
නාසයේ ඇතිවන වෙනස්වීම් නැවත සැකසීම. (Nose Job / Rhinoplasty)
පියයුරු වල හැඩය / ප්‍රමාණය නැවත සැකසීම (Breast Reconstruction / Breast Augmentation / Reduction)
ස්ථුලභාවය නිසා ශරීරයේ වෙනස්වුණු හැඩය නැවත සැකසීම (Body Contouring Surgery)
උපතේදී හෝ අණතුරකින් පර්යන්ත ස්නායු පටකයකට සිදුවන හානි නැවත සැකසීම (Peripheral Neuro Reconstruction)
නිවැරදි තෝරා ගැනීම සඳහා
Why Choose Us?
There is a growing trend in society today for plastic surgeries as well as cosmetic surgeries. There are so many incidents of complications in getting treatments from non-qualified doctors. Therefore, it is always wise to follow the advice of a qualified plastic surgeon.
ප්ලාස්ටික් සැත්කම් මෙන්ම රුපලාවන්‍ය සැත්කම් සඳහා වැඩි නැඹුරුවක් අද සමාජය තුල පවතිනවා. මෙහිදී, සමහරවිට ඒ සඳහා සුදුසුකම් නැති වෛද්‍යවරුන් වෙත යොමුවීමෙන් සංකුලථා ඇති කරගත් අවස්ථා එමටයි. එබැවින්, සැමවිටම සුදුසුකම් ලත් ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීම නුවණට හුරුබව දත යුතුයි.
- Look For a Board-Certified Plastic SurgeonFind a Board Certified Plastic Surgeon by Post Graduate…VIEW MORE
- Look For Experience in Cosmetic SurgeryFind out the knowledge and Experience of the plastic…VIEW MORE
- Look For Proven Results and Satisfied PatientsIt is important to find out proven results and satisfied…VIEW MORE
- Look for High Standard of SurgeryBeware of fake Cosmetic Surgeons. Choose an Experienced…VIEW MORE
- Our visionTo create a better understanding of plastic surgery among the general public, dispel misconceptions about plastic surgery and to achieve successful outcomes by getting the right treatments.
ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ මහජනතාව තුල නිවැරදි අවබෝධය ඇති කිරීම තුලින්, ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ සමාජයේ අනවබෝධය දුරු කිරීම සහ ප්‍රතිකාර නිවැරදිව ලබා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මග පෑදීම අපගේ දැක්මයි. - Our MissionTo publish all important information about plastic surgeries correctly & easy to understand way and provide Consultations by a highly qualified & certified Plastic Surgery Consultant Doctor.
ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ සියළු වැදගත් තොරතුරු අවබෝධ කර ගැනීමට පහසු අයුරින් නිවැරදිව පළ කිරීම සහ ප්‍රතිකාර සඳහා වැඩිදුර උපදේශන සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මගින් සැපයීම අපගේ සේවාවේ අරමුණයි.
History of Plastic Surgery
The history of plastic surgery goes back as far as 600 BC. “Shushruta”, a stage surgeon in India, performed a surgical reconstruction of a part of his nose as far back as the 6th century BC. This is considered to be the first body part reconstruction surgery (first plastic surgery) in the world. “Shushruta” is also considered the father of plastic surgery.
ප්ලාස්ටික් සැත්කම් වල ඉතිහාසය ක්‍රි.පූ 600 තරම් ඈත කාලයකට විහිදී යනවා. ඉන්දියාවේ සිටි ශුශ්රුත නම්වූ වේදික ශල්‍ය වෛද්‍යවරයා කොටසක් කැප ඉවත්වූ නාසයක් ශල්‍ය කර්මයකින් නැවත සැකසීමක් ක්‍රි.පූ 6 වන සියවස තරම් ඈත කාලයේ සිදු කරනවා. මෙය ලොව ශරීරයේ කොටසක් නැවත සැකසීමේ පළමු සැත්කම (පළමු ප්ලාස්ටික් සැත්කම)ලෙස සැලකෙනවා. එමෙන්ම ශුශ්රුත ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙනවා. ඉන්පසු ග්‍රන්ථාරූඪ ඉතිහාසයේ 15 වන සියවසේ සිසිලියස් දුපත්වල අතේ ඉහල බාහුවේ පටක කොටස් යොදාගනිමින් නාසය නැවත සැකසීමේ සැත්කමක් සිදු කෙරෙනවා. ඒ අන්තෝනියෝ නම් ශල්‍ය වෛද්‍යවරයා විසිනුයි. මෙය ඔවුන්ගේ පවුලේ රහස් සැත්කමක් ලෙස පැවතුනේ එම සැත්කමේ සියලුම පියවරවල් සහ භාවිත කල උපකරණ ගැන ලිඛිත සටහන් තබන්නට ගැස්පයර් ටැග්ලියකොරි නම් ශල්‍ය වෛද්‍යවරයට හැරවෙනවා. ඔහු ප්ලාස්ටික් සැත්කමක් යනු කුමක්දැයි අර්ථ දැක්වීමත් සමගම ලෝකයේ අවධානය ප්ලාස්ටික් සැත්කම් වෙත යොමු වෙනවා.
ගැස්පයර් ටැග්ලියකොරි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පදනම්කරු ලෙස සැලකෙනවා. ඉන්පසු වරින් වර විවිධ ශල්‍ය වෛද්‍යවරුන් විවිධ ප්ලාස්ටික් සැත්කම් ලොවට හඳුන්වා දුන්නත් නුතන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පුනරුදය ඇතිවන්නේ හැරල්ඩ් ග්ලීත් නම්වූ නවසිලාංතික ජාතික ශල්‍ය වෛද්‍යවරයාගෙනි. පළමු ලෝක යුද්ධයෙන් පසු එයට මුහුණ දුන් සෙබළුන්ගේ හා මිනිසුන්ගේ මුහුණුවලට සිදුවූ අනතුරු නැවත යථා තත්වයට පත් කිරීමේ සැත්කම් කිරීම හැරල්ඩ් ග්ලීත් විශාල උත්සහයක් ගන්නවා. ඔහුගේ උනන්දුව හා කැපවීම මත බ්‍රිතාන්‍යයේ සිට්කන් හි Queen May රෝහල වෙනම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය රෝහලක් බවට පත්වෙනවා. ඔහු නුතන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙනවා. ඔහු විසින් කරන ලද සේවයට උපහාරයක් ලෙස ඔහුට නයිට් පදවියක්ද පිරිනැමෙනවා.
ඉන්පසු 1973 වසරේදී ඕස්ට්රෛලියානු ජාතික ඉයන් ටේලර්, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා ශල්‍ය අන්වීක්ෂයක ආධාරයෙන් රුධිර වාහිනී බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමත් සමගම ලොව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවට ඉතා දියුණු තත්වයකට පත් වෙනවා. ශරීරයේ එක කොටසක් වෙනත් තැනකට බද්ධ කිරීමට ඇති සිමා මායිම් මෙම සොයාගැනීමත් සමගම ඉවත් වෙනවා.
අද වනවිට නවීනතම ශල්‍ය වෛද්‍ය විද්‍යාවක් වන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව ගැන ශ්‍රී ලාංකිකයන් සතු වන්නේ ඉතා සුළු දැනුමක් වීම කණගාටුදායක තත්වයකි.
KNOWLEDGE CENTER | දැනුම් සම්භාරය
Know About Plastic Surgeries
To get the correct knowledge of plastic surgery, visit each section of this Knowledge Centre which includes articles in both Sinhala and English languages.
ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ නිවැරදි දැනුම ලබා ගැනීම සඳහා සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලිපි ඇතුලත් මෙම දැනුම් සම්භාරයේ ඒ ඒ කොටස් වෙත පිවිසෙන්න.